ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

පසුගියදා ලොවම කම්පාවට පත් කරමින් දකුණු කොරියාවේ සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් එම යානාවේ කළු දත්ත ගබඩා පෙට්ටියෙන් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය පැවසුවේ; අදාළ ගුවන් යානයේ ගුවන් නියමු කුටි රෙකෝඩරයෙන් මූලික දත්ත උපුටාගෙන අවසන් බවයි.

දකුණු කොරියාවේ ගුවන් තොටුපොළකට ගොඩබෑමකට හදිසි අවස්ථාවක් ඉල්ලා එම ගොඩබෑම සිදු කරන අවස්ථාවේ දී යානය පිපිරීමකට ලක් ව එහි ගමන් කළ දකුණු කොරියානු ජාතිකයින් ඇතුළු 179 දෙනෙකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් වුණා.

සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය Joo Jong-wan ප්‍රකාශ කළේ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ දත්ත අවසන් කර ඇති බවයි.

එම මූලික දත්ත මත පදනම් ව ඒවා ශ්‍රව්‍ය ආකෘතියට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම යානයේ දෙවැනි කළු පෙට්ටිය හානි වීම හේතුවෙන් එහි අඩංගු තොරතුරු දේශීය විමර්ශකයින්ට සොයා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් එය වැඩිදුර විශ්ලේෂණය සඳහා එක්සත් ජනපදයට යැවූ බවත් වාර්තා වනවා.

2216 ගුවන් යානය දෙසැම්බර් 29 වැනි දින සෝල් නගරයට නිරිත දෙසින් 290km (සැතපුම් 180) පමණ දුරින් Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී කඩා වැටුණු අතර, යානයේ සිටි පුද්ගලයන් 181 න් 179 දෙනෙක් මියගියා.

මෙම අනතුර දකුණු කොරියානු භූමියේ මෙතෙක් සිදු වූ දරුණුතම ගුවන් ව්‍යසනය වන අතර 1997 දී කොරියානු එයාර් බෝයිං 747 ගුවාම් කඳු බෑවුමකට කඩා වැටී පුද්ගලයින් 228 දෙනෙකු මියගිය පසු දකුණු කොරියානු ගුවන් සේවයක් සම්බන්ධ මාරාන්තික අනතුර ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?