spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෙහාන් අප්පුහාමිට ඇප නොගෙවූ හේතුව ගැන ඔහුගේ බිරිඳ කතා කරයි

මැයි 9 වනදා සිද්ධියට අදාලව ජෙහාන් අප්පුහාමි ඇතුළු පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පිරිස ජුලි මස පළමුවනදා වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

කෙසේ නමුත් ඊයේ දිනයේ (06-24) ජෙහාන් අප්පුහාමි,ජගත් මනුවරණ,එරංග ගුණසේකර යන තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වුණා .

මොවුන්ට ඇප හිමි වුවත් මොවුන් ඇප ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ජෙහාන් අප්පුහාමිගේ බිරිඳ මේ ගැන මෙලෙස මුහුණූ පොතේ සටහනක් එක්කර තිබුණා.

ජෙහාන්…..

ඔයාව මට ඕන තමයි…මට ගොඩක් දුකයි තමයි….

ඔයාව දරුවන්ට ඕන තමයි..එයාලා හැම තප්පරේම ඔයාව අහනවා තමයි….

මට නින්ද යන්නෙත් නෑ තමයි…

ඊයේ මැගසින් බන්ධනාගාරෙට ගිහින් ඔයාවයි අනිත් අයයි බලලා…ඔයාල හැමෝම අද ගන්නවා කියලා…උසාවියට ගියේ ඇප දෙන්න තමයි….ඒත්…තුන් දෙනෙක් ඇතුලේ තියලා කොහොමද මම ඔයාට ඇප දෙන්නේ….මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න බැහැ…මම දන්නවා ඔයත් කැමතිද නෑ උන් දාලා ගෙදර එන්න….ඔයා එන දවසක එන්න හැමෝම එක්කම…මට ඔයා එනකන් දරුවෝ එක්ක ඉන්න පුළුවන්……මම ඔයාට ආදරෙයි….

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
203
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?