රන් ආලේපිත ගිනිඅවි සිද්ධියට අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විටදියි විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කළේ.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සැකකාර හිටපු අමාත්‍යවරයා ව අත්අඩංගුවට ගැනුණා.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





