ජූලි 01 සිට බස් ගාස්තුවේ වැඩිවීමක් ?(වීඩියෝ)

ජූලි මස 01 වැනිදා සිට ස්ථීර වශයෙන් ම බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන සංගම පවසනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, ප්‍රවාහන ගැටලු රාශියකින් තමන් ඇතුළු රියදුරන් පීඩා විඳීමත්, ඒ සම්බන්ධයෙන් රජය ඇහුම්කන්දී නොමැති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගණනාවක් ධාවනය වන බවත්, මෙම ඇතැම් බස් රථ ගමනාගමන මණ්ඩලයේ අවසරයකින් තොරව ධාවනය කෙරෙන බවත් සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කළා.

ලංගම දැනුම්වත් කිරීමකින් තොරව ධාවනය කෙරෙන බස් රථ ධාවනයට සුදුසු නොවන තහනම් බස් රථ බවත්, ඒවා කාලසටහන්වලින් තොරව ධාවනය කෙරෙන බැවින් තරගකාරීත්වය මත සිදු වන අනතුරු සංඛ්‍යාව වැඩි බව ද හෙතෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?