ජූලි මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින් 90,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට

මෙම ජූලි මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින් 90,000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 89,724ක්.

ජුලි මාසයේ දී ඉන්දියානු ජාතිකයින් 15,330ක් පැමිණ ඇති අතර වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බවයි වාර්තා වන්නේ.

මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම මාසයේ ගතවූ කාලය තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 10,184ක් පැමිණ ඇති බවයි.

මේ මාසයේ චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ සැලකිය යුතු වැඩි වීමක් ද දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්තා අනුව මේ මාසයේ චීන ජාතිකයින් 5,963 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ජර්මනියෙන් පුද්ගලයින් 5,141ක් සහ රුසියාවෙන් සංචාරකයින් 4,561ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සඳහන්.

ජූනි මාසයේදී සංචාරකයින් 100,388ක් පැමිණි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 714,598ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58