ජුලී චන්ග්, උතුරේ ආණ්ඩුකාරවරිය හමුවෙයි

මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් අතර සාකච්ජාවක් ඊයේ (17) පවත් වුණා.

යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී මෙම සකච්ඡාව පැවති බවටයි තොරතුරු වාර්තා වුණේ.

උතුරු පළාතේ සංචාරයකට එක්ව සිටින ඇමරිකානු තානාපතිනිය ආණ්ඩුකාරතුමිය හමු වී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා.

උතුරු පළාතේ අධ්‍යාපන, සංචාරක, ඉඩම් නිදහස් කිරීම, උතුරු පළාතේ දූපත් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, ව්‍යාපාරික අවස්ථා හා ආයෝජන කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.

උතුරු පළාතේ පශු සම්පත් නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතු බවත්, ඒ සඳහා යාන්ත්‍රික තාක්ෂණය භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ආණ්ඩුකාරවරිය එහිදී පැවසුවා.

ඉඩම් නිදහස් කිරීම සහ නිදහස් කළ ඉඩම්වලට ජනතාවට ඇතුළුවීමට ඇති පහසුකම් සම්බන්ධයෙන් ද ඇමරිකානු තානාපතිවරිය විමසීම් කළ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත්, නිදහස් කළ ඉඩම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවේශ මාර්ග විවෘත කොට ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම ඉදිරියටත් සිදුකරන බවත් ඇමරිකානු තානාපතිනිය මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?