ජුලී චන්ග්, උතුරේ ආණ්ඩුකාරවරිය හමුවෙයි

මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් අතර සාකච්ජාවක් ඊයේ (17) පවත් වුණා.

යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී මෙම සකච්ඡාව පැවති බවටයි තොරතුරු වාර්තා වුණේ.

උතුරු පළාතේ සංචාරයකට එක්ව සිටින ඇමරිකානු තානාපතිනිය ආණ්ඩුකාරතුමිය හමු වී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා.

උතුරු පළාතේ අධ්‍යාපන, සංචාරක, ඉඩම් නිදහස් කිරීම, උතුරු පළාතේ දූපත් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, ව්‍යාපාරික අවස්ථා හා ආයෝජන කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.

උතුරු පළාතේ පශු සම්පත් නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතු බවත්, ඒ සඳහා යාන්ත්‍රික තාක්ෂණය භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ආණ්ඩුකාරවරිය එහිදී පැවසුවා.

ඉඩම් නිදහස් කිරීම සහ නිදහස් කළ ඉඩම්වලට ජනතාවට ඇතුළුවීමට ඇති පහසුකම් සම්බන්ධයෙන් ද ඇමරිකානු තානාපතිවරිය විමසීම් කළ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත්, නිදහස් කළ ඉඩම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවේශ මාර්ග විවෘත කොට ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම ඉදිරියටත් සිදුකරන බවත් ඇමරිකානු තානාපතිනිය මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25