එළඹෙන ජුනි 7 වෙනිදා දිනෙන් පසුව සංචරණ සීමා දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසනවා.
එබැවින් 7 වැනිදායින් පසුත් සංචරණ සීමා දිගු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂඥවරුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වවල නිර්දේශ ලබා ගෙන ඒ පිළිබඳව තීරණය කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත සංචරණ සීමා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් පවතින නමුත් අද (31) උදෑසන වන තෙක් එවැනි තීරණයට එළඹ නොමැති බවත් ජනරාල් ශවේන්ද්ර සිල්වා පවසනවා.

ජෙනරල් සර් අනේ මහත්තයො බොරු වැඩ කරන්ඩ එපා, සන්චරන සිමා දානවා කියලා ඔය බොරු වැඩ කරන්ඩ එපා රටෙ ගාමන්ට් සෙරම වැඩ. දවස පතා එවගෙන් ලෙඩ්ඩු හම්බෙනවා බොරුනම් රඹුක්කන බ්ර්න්ඩෙස් එකේ බලන්ඩ බගෙට බාගයක් ලමයි නැ පොසිටිව් වෙලා ,අනිත් ආයතන වැඩ ඉතින් කොහමද මෙක පාලනය කරන්නේ රටෙ මිනිස්සුන්ට බොරු කරන්ඩ එපා පින්සිද්ද වෙයි බොරි කරන්ඩ එපා.හැමදාම ගෙදර ඉන්න මනුස්සයා විතරයි ගෙදර ඉන්නේ අනිත් සෙරම වැඩ ඔකෙන් වෙන්නේ අර ගෙදර ඉන්න මනුස්සොයොත් ලෙඩ වෙනවා. රටෙ මනුස්සයො බෙරගන්ඩ ඔනේ නැතිනම් මුලු රටම ඇරලා දලා බිස්නස් කාරයන්ට බිස්නස් කරන්ඩ ඉඩ දෙන්ඩ,එහෙම නැත්නම් රටෙ මිනිස්සුන්ට ආදරෙනම් මුලු රටම වහලා තමන්ගෙ රටෙ මිනිස්සු ටික බෙරගන්ඩ.ඔය නිල ඇදුමට අපි ගොඩක් ගරු කරනවා,ඒ තියන ගරුත්වය නැති කරගන්ඩ එපා.අනික තමා රටෙ බාගයකටත් වැඩි කොටසකට ඇදිරිනිති බලපත්ර තියෙනවා,එහෙම බලද්දි මිනිස්සු ගොඩක් පරේ ඉන්නේ ලැජ්ජයි අප්පා