ජීවිත දෙකක් අහිමි කළ නොසැලකිල්ල

කොස්ගම සහ පල්ලෙබැද්ද ප්‍රදේශවවල සිදුවූ අනතුරු දෙදෙකින් තරුණයෙකු සහ 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම එක් අනතුරක් සිදුවී ඇත්තේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදීයි.

පුද්ගලයෙකු යතුරුපැදියක් සමග ප්‍රදේශයේ කාණුවකට වැටී මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කොස්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම තරුණයා අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණ ඇති අතර මිරිස්වත්ත ඉන්ධන පිරවුම්හල අසලදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අසල තිබූ කාණුවට යතුරුපැදිය ද සමග ඇද වැටී ඇති බවටයි.

මෙලෙස මියගොසේ ඇත්තේ වග ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇති බවයි.

කොස්ගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබනවා.

මේ අතර පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේ පල්ලෙබැද්ද කළුවරගහ වංගුව අසලදී සිදු වූ අනතුරකින් 17 පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම වන්දනා නඩයක් රැගෙන ගිය පෞද්ගලික බස් රථයක් රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල කාණුවකට වැටී අනතුර සිදුවී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ රියදුරු අසුන අසල ඇති එන්ජින් පෙට්ටිය මත සිටි මෙම පිරිමි ළමයා බස් රථයෙන් ඉවතට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පල්ලෙබැද්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?