AFC Banner
Empty Ad
Empty Ad

ජීවන වියදමට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා පස්වැනි දිනටත් – ආණ්ඩුවට දස වැදෑරුම් යෝජනා මාලාවක්

ජීවන වියදමට එරෙහි පාකිස්තානයේ විරෝධතා අඛණ්ඩව පස්වන දින දක්වා ව්‍යාප්ත වී ඇති පසුබිමක්, ජමාත්-ඊ-ඉස්ලාමි (ජේඅයි) ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සම්බන්ධයෙන් පකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ සහතිකය ඉල්ලා සිටි බව මූලාශ්‍ර උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා.

රජයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වී ඇති බව JI ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් 10 ගැන ජමාත්-ඊ-ඉස්ලාමි දැඩි බලාපොරොත්තු සහගතව සිටින බව සඳහන්.

පක්ෂ ආරංචි මාර්ගවලට අනුව, ඔවුන් තම ඉල්ලීම් සම්බන්ධයෙන් ස්ථිරව සිටින අතර නියෝජිත පිරිස සමඟ රැස්වීමක් පවත්වන බවට පොරොන්දු වී ඇති බවයි පැවසෙන්නේ.

පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, තොරතුරු හා විකාශන අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය ඇතුළු රජයේ ත්‍රිපුද්ගල නියෝජිත පිරිසක් සෙනසුරාදා JI ඉහළ නායකත්වය හමු වී තිබෙනවා.

රජය සහ JI අතර කුමන එකඟතාවකට පැමිණිය ද ඒ සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් තිබිය යුතු බව එම පක්ෂයේ වැදගත් කොන්දේසියක්.

ෆෙඩරල් ආණ්ඩුව සඳහා JI විසින් ඉදිරිපත් කර ඇති සමහර ඉල්ලීම් අතර ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20 කින් අඩු කිරීම සහ විදුලි හා ගෑස් ගාස්තු ඇතුළත්.

බදු ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?