ජිවිත 17ක් බිළිගත් ගංවතුර

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ධාරානිපාත වර්ෂාව සමඟින් ඇති වූ ජල ගැලීම් නිසා පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 100කට අධික පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

විශේෂයෙන් තිරුපති දේවස්ථාන නගරයේ සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර, බැතිමතුන් රැසක් එහි අතරමංව සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

තිරුපති නගරය ආසන්නයෙන් ගලා බස්නා ස්වර්ණමුඛී ගංඟාව පිටාර ගලා ඇති අතර, ජලාශ සියල්ලම උතුරා යන බව සඳහන්.

ඉන්දීය රජයේ ප්‍රවාහන සේවයට අයත් බස් රථ 15ක් ද ජල ගැල්මට හසුවී ඇති අතර, ඉන් 12 ක් බේරාගැනීමට නොහැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?