ජින්තුපිටිය වෙඩි තැබීමේ දෙවන වෙඩික්කරුත් අල්ලයි

පසුගිය ජනවාරි මස 01 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඊයේ (09) උඩවලව ප්‍රදේශයේදී මෙම වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 25ක කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ තවත් සැකකරුවෙක් පසුගිය 03 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !