ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර දරුවන් දෙදෙනෙක්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (29) දින දහවල් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සිදු කිරීමට අදාළව ගිනි අවි සඟවා බැහැර කළ අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරු ත්‍රීරෝද රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අවුරුදු 63 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (30) අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?