AFC Banner
AFC Banner
Empty Ad

පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන් රකින මෙහෙයුමෙන් 42ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පොදු ප්‍රවාහන සේවය තුළදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික අතවර සිදුකරන ලද සැකකරුවන් 18ක් සහ ගැටකපන්නන් ඇතුළු සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු සමඟින් මුළු සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (07) දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වා සහ සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට යොදවා තිබු බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?