ජාතික ව්‍යසනයකදී විද්‍යාර්ථීන් එක්ව ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි

සියලු සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදැරිය හැකි, නිදහස් චින්තනයට ඉඩ ඇති තැනක් බවට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පත් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ විශ්වවිද්‍යාල තුළ නවක වදය සහ සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක් අමතමින්.

මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනයන්හි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහභාගී වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් මෙන්ම විෂ මත්ද්‍රව්‍යවල අවධානමෙන් තොර මානසික සුවතාව ගෙන දෙන නිදහස් පරිසරයක් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කිරීමයි.

මෙහිදී පැමිණ සිටි ශිෂ්‍ය ප්‍රජාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය පැවසූවේ ජාතික ව්‍යසන අවස්ථාකදී සහෝදර විශ්වවිද්‍යාල ප්‍රජාවට උපකාර කිරීමට සංවිධානය වීම ඉතා අගය කරන බවත්, උසස් අධ්‍යාපන ආයතන තුළ නවක වදය සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්ය සඳහාද එලෙස එක්විය යුතු බවයි.

ජාතික ආර්ථිකයටත්, ආරක්ෂාවටත් ප්‍රබල තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවර්ධනය සහ අලෙවි කිරිමේ මධ්‍යස්ථාන බවට විශ්වවිද්‍යාල පත් වීමෙන් වළක්වා ගත යුතු බව පැවසූ ඇය විද්‍යාර්ථීන්ටද ඒ සඳහා වගකීමක් ඇති බව පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල ඇතුළුව සියලුම උසස් අධ්‍යාපන අංශවල ගුණාත්මකබව තහවුරු කිරීම සහ අවස්ථා පුළුල් කිරීමත් ශිෂ්‍ය ප්‍රජාවගේ සුබසාධන කටයුතු වැඩි කිරීමටත් මේ වන විට රජය මගින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ක්‍රමක්‍රමයෙන් සිදුකරන බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න කියා සිටියේ, උසස් අධ්‍යාපනය පීඩාවෙන් තොර අධ්‍යාපන හිතකාමී පරිසරයක් විය යුතු බවයි.

නවක වදය සහ විවිධ හිරිහැර හේතුවෙන් සිසුන්ගේ ආත්මගරුත්වය හා පෞරුෂය බිඳ වැටීමට ලක්වන බවත් ඒ හේතුවෙන් සිසුන් විවිධ අවදානම් සහිත ඇබ්බැහි වීම්වලට ලක්වීමේ අවදානමක් පවතින බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් වැරදිකරුවන් නොව අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස දැකීම සුදුසු බවත්, ඔවුන් හට අදාළ පාර්ශ්වයන්ගෙන් ලබාගත හැකි උපරිම සහය ලබාදිය යුතු බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිතුමා මෙය තනි පුද්ගල ප්‍රයත්නයක් නොව අප කාගේත් පොදු වගකීමක් ලෙස සැලකිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම අවස්ථාවේ දී අදහස් ප්‍රකාශ කළ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පෙන්වා දුන්නේ තරගකාරී අධ්‍යාපනය තුළ රටාව තුළ හිර වී සිටින සිසුන් සමාජ සම්බන්ධතාවලින් බොහෝ දුරට ඈත් වී ඇති බැවින් සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බවයි.

මෙය වළක්වා ගැනීමට අවශ්‍ය සාධනීය පියවර රාශියක් ඉදිරියේ දී ගැනීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙහිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නවක වදය සහ ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳ විද්‍යාර්ථීයින් දැනුවත් කර අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?