AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රෝහලේ හෙද හෙදියන් පාරට

සමස්ත ලංකා හෙද සංගමය අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.

ගර්භණී හෙදියන් සඳහා වූ නිවාඩු යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැලිණි.

විරෝධතාකරුවන් පවසන්නේ ජනවාරි මස 03 වනදා සිට සාමාන්‍ය පරිදි හෙදියන් සේවයට කැඳවූ නමුත් ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ගර්භණී හෙද නිලධාරීන් බරපතළ අනතුරකට ලක්ව සිටින බවය.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පමණක් හෙදියන් 25 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?