AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රෝහලේ දී රෝගියෙකුට පිහියෙන් අනී

කොළඹ ජාතික රෝහළට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට පිහියකින් ඇන තිබේ.


පහරදීමෙන් පසුව එම පුද්ගලයා පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මුදල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසුව පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා අද අලුයම හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරුණා. එලෙස තුවාල ලබා ඇත්තේ මරදාන ආනන්ද මාවතේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට පහරදුන් සැකකරු ජාතික රෝහලට පැමිණ පිහියකින් ඇන ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?