ජාතික රෝහලෙන් ඇසෙන භයානක පුවත

කොළඹ ජාතික රෝහලේ High Dependency Unit (HDU) ඇඳන් සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“සමාජයේ කොවිඩ් වැඩි වෙන්න වැඩි වෙන්න මේකෙන් යම් ප්‍රතිශතයක් තමයි ICU කරා එන්නේ. මේක වැඩි වෙන්න වැඩිවෙන්න ඒ ප්‍රතිශතයට ලැබෙන නොම්බරය එන්න එන්නම ලොකු වෙනවා. එතකොට අපිට මේක පැතිරීම වැළක්වීම නවත්වා ගන්න තියෙන හොඳම විසඳුම තමයි වැක්සින් එක. ප්‍රවෘත්ති විකාශනවලින් අපි දැක්කා දවස ගානේම කොවිඩ් පොසිටිව් වන නම්බර් එක වැඩි වේගෙන වැඩි වේගෙන යනවා. ඒ කියන්නේ මෙතෙන රැල්ලක් තියෙනවා. මේ රැල්ල නැහැ කියන්න බැහැ. මොකද මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ High Dependency Unit දෙකක් තියෙනවා. ඒවාවල ඇඳන් ටික සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ. මේක අපිට මීට සතියකට ඉස්සෙල්ලා එයින් කාලක්වත් තිබුණේ නෑ. මුළු රටේම ඒවා මෙතෙනට එන හින්දා මේ රැල්ලක් එන බවක් පේනවා. ඒ නිසා රැල්ලට මුහුණදෙන්න අපි අපේ ප්‍රතිශක්තිය වැඩිකර ගන්න ඕනේ කියන එක මගේ අදහස.”

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ද පෙන්වා දෙයි.

“පහුගිය දවස් දෙකේ විතරක් 800කට කිට්ටුව වාර්තා වෙනවා. අපි බලමු ඉස්සරහට. රෝහලුත් කියනවා වැඩිපුර වාර්තා වෙනවා කියලා. කොළඹ රෝහලෙත් වැඩිපුර රෝගීන් සඳහා වාට්ටු වෙන්කිරීමට සිදුවුණ බව අපිට දැනගන්න තියෙනවා. දැන් රට සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44