ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් IMF නියෝජිතයින් හමුවෙයි (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්වෙනවා.

මෙම හමුවේ දී ප්‍රධාන වශයෙන් ම සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳවයි.

දිවයිනේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයන් හමුවුණා.

අද පෙරවරු 09.00ට ආරම්භ වූ එම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු
කණ්ඩායමක් එක්ව සිටියා.

සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු කණ්ඩායම එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමටයි නියමිත ව තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?