ජාතික ජන බලවේගයට ඉතිහාසගත ජයක් – පොහොට්ටුවේ වාර්තාවත් බිඳ දමයි

මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජාතික ජන බලවේගයට මෙවර මහ මැතිවරණයේ දී හැකියාව ලැබුණා.

ඒ, අනුව 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ද ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැක්වෙන්නේ 6,863,186 ක් ලෙසටයි.

එය ප්‍රතිශතයක් ලෙස 61.56%ක අගයක් ගනු ලබනවා.

මීට පෙර 2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 6,853,693 ක් ලබාගත්තේ 59.09%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

මේ අතර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 159 කට (දිස්ත්‍රික් ආසන 141යි ජාතික ලැයිතුවෙන් 18යි) හිමිකමි කියනවා.

එමෙන්ම මෙවරට මහ මැතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්ද 1,968,716ක් හිමිකරගත් සමඟි ජන බලවේගය ආසන 35ක් දිනාගත්තා.

මෙවර මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවා දී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ආසන 03ක් හිමිකර ගැනීමට හැකිව සමත් සිටිනවා.

ඡන්ද 257,813ක් ලබාගැනීමට සමත් වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් හිමිව ඇති ආසන සංඛ්‍යව හතක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහ මැතිවරණයේ දී හිමිව ඇත්තේ ඡන්ද 350,429ක් වන අතර, ඒ අනුව ඔවුන් 10 වන පාර්ලිමේන්තුවේ ආසන 02කට හිමිකම් කියනවා.

2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ලේඛනය සඳහා මෙතැනින් පිවිසෙන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
1
+1
17
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?