AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම 21 වනදා සිට

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.

බ්‍රහස්පතින්දා සිට QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0,01 සහ 02 යන අංක හිමි වාහන හිමියන්ට ලබන 21 වැනිදා ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල ඇති පොලිම්වලින් පිරිස් ඉවත්වීමෙන් පසු ඉන්ධන නිකුත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
152
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?