AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදංචි වීමට යළිත් අවස්ථාව

තාවකාලිකව නතරකර තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට, යළි අවස්ථාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසනවා.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ කටයුතු යාවත්කාලීන කිරීම අවසන් වී ඇති බැවින් නව ලියාපදිංචිවීම් සිදුකළ හැකි බවයි.

මේ අතර අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙම සතියට අදාළ ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන කෙරෙන බව අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර සිටියා.

එමෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1246ක් තුළ, ලියාපදිංචි වාහන මිලියන 5.5 කට අධික ප්‍රමාණයක්, මිලියන 4.3 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් දින 07ක් තුළ අවසන් කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?