ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදංචි වීමට යළිත් අවස්ථාව

තාවකාලිකව නතරකර තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට, යළි අවස්ථාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසනවා.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ කටයුතු යාවත්කාලීන කිරීම අවසන් වී ඇති බැවින් නව ලියාපදිංචිවීම් සිදුකළ හැකි බවයි.

මේ අතර අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙම සතියට අදාළ ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන කෙරෙන බව අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර සිටියා.

එමෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1246ක් තුළ, ලියාපදිංචි වාහන මිලියන 5.5 කට අධික ප්‍රමාණයක්, මිලියන 4.3 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් දින 07ක් තුළ අවසන් කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් දන්වා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14