ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක්

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක් පත්කර තිබේ.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ, ඒ සඳහා කමිටුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවය.

ආර්ථික සභාවට සහාය වන උපදේශක කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

01. මහාචාර්ය එච්.ඩී කරුණාරත්න 
02.මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
03.ආචාර්ය දුෂ්නි වීරකෝන්
04. ධම්මික පෙරේරා
05. ක්‍රිෂාන් බාලේන්ද්‍ර
06. අෂ්රෆ් ඔමාර් 
07. ආචාර්ය හාන්ස් විජේසූරිය
08.විශ් ගෝවින්දසාමි
09.එස් රෙන්ගනාදන් 
10.රංජිත් පේජ්
11.සුරේෂ් ද මෙල්
12.ප්‍රභාත් සුබසිංහ
13.දුමින්ද හුලංගමුව
14. සුජීව මුදලිගේ

සමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා පසුගිය දා තීරණය කළේය.

දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම ආර්ථික සභාවේ අරමුණ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?