”ජාතික ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් බවට පේනවා” සමන් රත්නප්‍රිය (වීඩියෝ)

ශ්‍රී ලංකා තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පෙනෙන්නට ඇති බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

පසුගිය දා නාවික හමුදාපතිවරයා මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැකීමට ගිය අවස්ථවේ නාවික හමුදාපතිවරයා විසින් මහනායක ස්වාමින් වහන්සේලා හමුවේ කළා යැයි කියන ප්‍රකාශයක් උපුටා ගනිමින් සමන් රත්නප්‍රිය මේ බව පවසා සිටියා .

”ඉරානය සහ පාකිස්ථානය පැත්තෙන් එන මුහුදු සීමාව පාලනයකින් තොරයි කියලා, ඉතින් පාලනයකින් ට්ය්හොර මුහුදු සිමවකුත් තියෙනව අපිට. එතකොට අපේ ආරක්ෂක හමුදා, ජාතික ආරක්ෂාව පැත්තෙන් ටිකක් ප්‍රශ්නයක් බවට පේනවා මේ ප්‍රකාශය හරහා.”

” මත්ද්‍රව්‍ය තංගල්ලෙන්, හැමතැනින්ම අල්ලන එක ලෝකේ පුරා ප්‍රචාරය වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් මේක ප්‍රචාරය කරනවා.මත්ද්‍රව්‍යයෙන් තොර රටක් හදනවා කියන එක තමයි ආණ්ඩුවේ සටන් පාඨය. මේක මේ ලෝකේ පුර ප්‍රචාරය කරකර කරන්න ඕනේ එකක් නෙවෙයි. අද මේ ප්‍රචාරය නිසා රට නිකන් මෙක්සිකොවක් බවට නැත්නම් කොලොම්බියාවක් බවට පත් වෙමින් තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?