Empty Ad
AFC Banner
Empty Ad

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) දින පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වුණා.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මහ කන්නයේ නෙලාගත් වී අස්වැන්නෙහි නොඉඳුල් සහලෙහි අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් 57 වන වරටයි සංවිධාන කර තිබුණේ.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා” යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරුණා.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට චාරිත්‍රාණුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්වුණා.

ජාතික අලුත් සහල් මංගල්‍යයේ සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ නායක පුංචිරාළ ගොවි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෘෂිකර්ම යෝජනාවලියක් ද පිළිගැන්වීමටයි කටයුතු කළේ.

ආදිවාසි නායක වන්නියලැත්තන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මී පැණි පිළිගැන්වීම මෙහිදී සිදුකෙරුණා.

image 26
image 25
image 26
image 27
image 27
image 28
image 28
image 29
image 29
image 30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?