AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින පළමු කොඩිය ජනාධිපති ලේකම් වෙත පළඳවයි (ඡායාරූප)

ඊයේ (15) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මක ව ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා වෙත පළඳවා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ; ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් අදාළ කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පැළැන්දූ බවයි.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුබසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජිකයින් සමග සුහද කතාබහකට එක් වූ ජනාධිපති ලේකම්වරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව අවධානය යොමු කළා.

ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද ඉදිරියේ දී සොයා බලන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

White Cane Safety Day 2
White Cane Safety Day 3
White Cane Safety Day 4
White Cane Safety Day 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?