ලබන වසරේ ජනවාරි 08 වන දින සිට චීනය ජාත්‍යන්තර සංචාර සඳහා සිය දේශසීමා නැවත විවෘත කරන බව දැනුම් දෙනවා.
චීනය විසින් ජාත්‍යන්තර සංචාර සඳහා සිය දේශසීමා යළි විවෘත කරන්නේ වසර 03කට පසුවයි.
මේ අතර චීනයට පැමිණෙන සංචාරකයින් නිරෝධායනය කිරීමේ කටයුතු අවසන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් මේ වනවිට චීනය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මේ හේතුවෙන් චීනයේ බීජිං නුවර රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙස් වෙතත් එය පාලනය සඳහා මේ වන විට එරට රජය පියවර ගෙන ඇති බව ද සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





