ඉරානයේ හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) හෙට (23) හදිසි රැස්වීමක් පවත්වන බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා පවසනවා.
මේ අතර, ඉරානයේ න්‍යෂ්ටික ප්‍රධානී මොහොමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත ලිපියක් යවමින් කියා සිටියේ ටෙහෙරානයට එක්සත් ජනපද ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
එක්සත් ජනපද ක්‍රියාමාර්ගය හෙළා දකින ලෙස ඉල්ලා සිටින බවත් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.
මේ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් පසුව “පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක්” සිදුවී නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මීට පෙර නිවේදනය කළා.
ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නටාන්ස් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කළ අතර, එහි කටයුතු නතර නොකරන බව අවධාරනය කරනු ලැබුවා.
ප්‍රහාර එල්ල වූ ස්ථාන තුනෙහි විකිරණශීලී දූෂණයක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බවත් අසල පදිංචිකරුවන්ට කිසිදු අනතුරක් නොමැති බවත් ඉරානය සඳහන් කර සිටියා.





