AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර තරගයකට යන්න සිටි පාසල් සිසුවාට මිතුරන් පිරිසක් පහරදීලා

ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානමින් සිටි පාසල් සිසුවෙකුට ඔහුගේ පාසලේම තවත් සිසුන් 20කට වැඩි පිරිසක් පහරදීමේ සිද්ධියක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, පහරදීම හේතුවෙන් එම සිසුවාට තරගාවලිය අහිමි වීමේ අවදානමක් නැතැයි ගම්පොල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ සමූහ තරගයක් සඳහා යෑමට සූදානමින් සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ඉඳුවර අත්තනායක සිසුවා පහර කෑමකට ලක් ව තිබුණේ පසුගිය අඟහරුවාදායි.

පාසල නිම වී නිවස බලා යමින් සිටියදී ඔහුගේ සම වයසේ වෙනත් පන්ති දෙකක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් විසින් දහම් ඉඳුවර සිසුවාට සහ ඔහුගේ මිතුරන් පිරිසකට පහර දී තිබුණා.

පහර කෑමට ලක් වූ දහම් ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එදිනම ඔහු ප්‍රතිකාර ලබා නිවසට පැමිණියා.

පහරකෑමෙන් ඔහුගේ දකුණු අතට හානි සිදුව ඇති අතර, එය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසියට පැමිණිලි කර ඇති අතර, විමර්ශන සඳහා සිද්ධියට සම්බන්ධ සිසුන් ලබන සෙනසුරාදා පොලිසියට කැඳවා තිබෙනවා.

එසේම, පොලිස් විමර්ශනයෙන් අනතුරුව පාසල මට්ටමින්ද මේ පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙනු ඇති.

පහරකෑමෙන් තුවාල ලැබූ දහම් ඉඳුවර සිසුවා ලබන සඳුඳා සිට යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර තරගාවලිය ආරම්භ වන්නෙ ලබන 22 වැනිදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?