ජාත්‍යන්තර තරගයකට යන්න සිටි පාසල් සිසුවාට මිතුරන් පිරිසක් පහරදීලා

ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානමින් සිටි පාසල් සිසුවෙකුට ඔහුගේ පාසලේම තවත් සිසුන් 20කට වැඩි පිරිසක් පහරදීමේ සිද්ධියක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, පහරදීම හේතුවෙන් එම සිසුවාට තරගාවලිය අහිමි වීමේ අවදානමක් නැතැයි ගම්පොල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ සමූහ තරගයක් සඳහා යෑමට සූදානමින් සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ඉඳුවර අත්තනායක සිසුවා පහර කෑමකට ලක් ව තිබුණේ පසුගිය අඟහරුවාදායි.

පාසල නිම වී නිවස බලා යමින් සිටියදී ඔහුගේ සම වයසේ වෙනත් පන්ති දෙකක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් විසින් දහම් ඉඳුවර සිසුවාට සහ ඔහුගේ මිතුරන් පිරිසකට පහර දී තිබුණා.

පහර කෑමට ලක් වූ දහම් ප්‍රතිකාර සඳහා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එදිනම ඔහු ප්‍රතිකාර ලබා නිවසට පැමිණියා.

පහරකෑමෙන් ඔහුගේ දකුණු අතට හානි සිදුව ඇති අතර, එය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසියට පැමිණිලි කර ඇති අතර, විමර්ශන සඳහා සිද්ධියට සම්බන්ධ සිසුන් ලබන සෙනසුරාදා පොලිසියට කැඳවා තිබෙනවා.

එසේම, පොලිස් විමර්ශනයෙන් අනතුරුව පාසල මට්ටමින්ද මේ පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙනු ඇති.

පහරකෑමෙන් තුවාල ලැබූ දහම් ඉඳුවර සිසුවා ලබන සඳුඳා සිට යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර තරගාවලිය ආරම්භ වන්නෙ ලබන 22 වැනිදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27