ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා (CEO) ලෙස ඉන්දීය ජාතික සංජෝග් ගුප්තා පත්කර තිබෙනවා.
මෙම වසර මුලදී චැම්පියන්ස් කුසලානයට පෙර පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ ඕස්ට්‍රේලියානු ජෙෆ් ඇලර්ඩිස් වෙනුවට සංජෝග් ගුප්තා එම තනතුර සඳහා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
සංජෝග් ගුප්තා දැනටමත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් වන අතර, ඔහු ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබනවා.
ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් ද වනවා.
ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා, එංගලන්ත ක්‍රිකට් සභාපති රිචඩ් තොම්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ඉන්දීය ක්‍රිකට් ලේකම් දේවජිත් සයිකියා යන අයගෙන් සමන්විත නාමයෝජනා කමිටුව විසින් සංජෝග් ගුප්තා විධායක නිලධාරී තනතුර සඳහා නිර්දේශ කර තිබෙනවා.
ඒ, අනුව එම නිර්දේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් අනුමත කරන ඇති බවයි වාර්තා වන්නේ.





