ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රී ලංකාව අඩියක් පහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමඟ පෙරේදා නිමා වූ දෙවන එක්දින තරගය පරාජයට පත්වීමත් සමඟයි.

එම තරගයට පෙර ශ්‍රී ලංකා පිළ එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටි අතර, මේ වනවිට ඔවුන් පස්වන ස්ථානය දක්වා පහළට වැටී තිබෙනවා.

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, එහි දෙවන තැන පසුවන්නේ නවසීලන්තයයි.

තුන්වන සහ හතරවන ස්ථානවල පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය මේ වනවිට රැඳී සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට පල්ලේකැලේදී පැවැත්වීමට නියමතයි.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
2
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?