Empty Ad
AFC Banner
Empty Ad

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ ජන ඝාතන ක්‍රියාවන් වැලැක්වීමට ඊශ්‍රායලය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින අතරතුර ජන සංහාරක ක්‍රියාවන් වැලැක්වීම සඳහා සිය බලය තුළ සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි අධිකරණය අද ඊශ්‍රායලයට නියෝග කළේ.

සිය හමුදාවන් ජන සංහාරයක් සිදු නොකරන බවට ඊශ්‍රායලය සහතික විය යුතු බවත්, පලස්තීනුවන් සඳහා මානුෂීය තත්ත්වය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව ගෙන ආ නඩුවට අදාළව ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවී තිබේද යන්න පිළිබඳව අධිකරණය තීන්දු කර නැහැ.

එහෙත් ගාසා තීරයේ පලස්තීනුවන්ට ජන සංහාරක ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය අධිකරණය පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකාවේ ජන සංහාර චෝදනාව ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය පදනම් විරහිත චෝදනාවක් ලෙසටයි හඳුන්වා දී ඇත්තේ.

මේ අතර, ගාසා තීරයේ නව සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට සීඅයිඒ ප්‍රධානියා ඉදිරි දිනවලදී ඊශ්‍රායල, කටාර් සහ ඊජිප්තු නිලධාරීන් හමුවීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයන් 25,900ක් මිය ගොස් ඇති අතර, ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වත්මන් යුද්ධය ආරම්භ වූයේ පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,300ක් පමණ සාමාන්‍ය වැසියන් මරා දැමීමෙන් සහ 240ක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>