ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ ජන ඝාතන ක්‍රියාවන් වැලැක්වීමට ඊශ්‍රායලය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින අතරතුර ජන සංහාරක ක්‍රියාවන් වැලැක්වීම සඳහා සිය බලය තුළ සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි අධිකරණය අද ඊශ්‍රායලයට නියෝග කළේ.

සිය හමුදාවන් ජන සංහාරයක් සිදු නොකරන බවට ඊශ්‍රායලය සහතික විය යුතු බවත්, පලස්තීනුවන් සඳහා මානුෂීය තත්ත්වය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව ගෙන ආ නඩුවට අදාළව ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවී තිබේද යන්න පිළිබඳව අධිකරණය තීන්දු කර නැහැ.

එහෙත් ගාසා තීරයේ පලස්තීනුවන්ට ජන සංහාරක ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය අධිකරණය පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකාවේ ජන සංහාර චෝදනාව ඊශ්‍රායලය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එය පදනම් විරහිත චෝදනාවක් ලෙසටයි හඳුන්වා දී ඇත්තේ.

මේ අතර, ගාසා තීරයේ නව සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට සීඅයිඒ ප්‍රධානියා ඉදිරි දිනවලදී ඊශ්‍රායල, කටාර් සහ ඊජිප්තු නිලධාරීන් හමුවීමට නියමිත බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් පුද්ගලයන් 25,900ක් මිය ගොස් ඇති අතර, ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වත්මන් යුද්ධය ආරම්භ වූයේ පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,300ක් පමණ සාමාන්‍ය වැසියන් මරා දැමීමෙන් සහ 240ක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25