ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කල ඉල්ලීම

රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000ක් අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි අලාභ හානි නැවැත්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසනවා.

එමෙන්ම, ඊයේ (19) දින සිදු වූ කලහකාරී තත්ත්වය යළිත් ඇති නොවීමට වගබලා ගැනීමටත්, කිසිදු ලෙසකින් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයක් වන ඉන්ධන ප්‍රවාහන බවුසර් අවහිර කිරීමට උත්සාහ නොකරන ලෙසත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ සිය කණස්සල්ල පළ කරන අතර, ප්‍රචණ්ඩත්වය සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා පමුණුවන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යම් හෙයිකින් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු වන බවුසර යලි අවහිර වුවහොත්, දිවයින පුරා අඛණ්ඩව සේවාවල නියැලෙන අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ ආදිය ප්‍රමාදවීම්වලට ලක්විය හැකි බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37