AFC Banner
Empty Ad
Empty Ad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීම කල්යයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම අද සලකා බැලීමට නියමිතව තිබුණා.

නමුත් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ වෙනත් නඩු විභාගයක් අද පැවැත්වීමට නියමිත බැවින් මෙම පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 4 වන දා දක්වා කල් තබන බවයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නැගෙනහිර පළාතට මාරු කර හැරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ස්ථාන මාරුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අජිත් රෝහණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?