ජල මෝටරයක් මිල දී ගන්නා මුවාවෙන් ලක්ෂ 05කට විද්ද සිව්දෙනෙක් මාට්ටු

බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610 (පන් ලක්ෂ හැටනව දහස් හයසිය දහය) ක මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඊයේ (14) දින, එම විමර්ශන නිලධාරින් විසින් මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාළ දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවට සිදු කරන ලද විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අද (15) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?