spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල බිල්පත හෙට සිට අලුත් ක්‍රමයකට

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් නිකුත් කිරීම හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එහි පළමු පියවර වශයෙන් එය යාපන දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මඟින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන අතර, බැංකු කාඩ්පත් මඟින් එම බිල්පත ගෙවීම සඳහා ද පහසුව සලසාදීම මෙයින් සිදු වනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?