AFC Banner
AFC Banner
Empty Ad

ජල නල කාණුවෙන් මතු වූ ජීව අත්බෝම්බය

ජල නල එළීම සඳහා කාණුවක් කපමින් සිටියදී හමු වී ඇති විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළ බව මාදම්පේ පොලීසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ජීව අත්බෝම්බය ඊයේ (11) පස්වරුවේ ගල්මුරුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

ගල්මුරුව ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජල නල එළීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

ජල නල එළීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති පුද්ගලික ආයතනයක සේවකයින් විසින් ඒ සඳහා කාණුවක්
කපමින් සිටියදී ප්ලාස්ටික් ආවරණයක අසුරා තිබූ ජීව අත්බෝම්බය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මේ බව එම සේවකයින් විසින් මාදම්පේ පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පැමිණ; හමු වී ඇති බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළා.

කව්රුන් විසින් මෙම බෝම්බය වළ දමා තිබුණා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?