ජල නල කාණුවෙන් මතු වූ ජීව අත්බෝම්බය

ජල නල එළීම සඳහා කාණුවක් කපමින් සිටියදී හමු වී ඇති විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළ බව මාදම්පේ පොලීසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ජීව අත්බෝම්බය ඊයේ (11) පස්වරුවේ ගල්මුරුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

ගල්මුරුව ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජල නල එළීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

ජල නල එළීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති පුද්ගලික ආයතනයක සේවකයින් විසින් ඒ සඳහා කාණුවක්
කපමින් සිටියදී ප්ලාස්ටික් ආවරණයක අසුරා තිබූ ජීව අත්බෝම්බය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මේ බව එම සේවකයින් විසින් මාදම්පේ පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් පැමිණ; හමු වී ඇති බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළා.

කව්රුන් විසින් මෙම බෝම්බය වළ දමා තිබුණා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18