ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සහ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි ඔහු මෙම පැහැදිලි කිරීම නිකුත් කර ඇත්තේ.

ගාස්තු වැඩි කිරීමට පියවර ගත් හේතුව පිළිබඳව එහි සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු මාසයකට ඒකක 13.5ක් (ලීටර් 13,500) ක් පරිභෝජනය කළහොත් එමගින් සංශෝධිත ගාස්තු යටතේ දළ වශයෙන් මාසික බිල රුපියල් 1300ක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ කුලී නිවැසියන් සඳහා ගාස්තු වැඩි කිරීමක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු, අමුද්‍රව්‍ය, මුදල් අවප්‍රමාණය සහ ඉහළ පොලී අනුපාත ඇතුළුව ඉහළ යන පිරිවැය හේතුවෙන් ජල ඒකකයක් (ලීටර් 1000) සැපයීමේ පිරිවැය රුපියල් 130ක් වන බැවින් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින්ට පෙර ගාස්තු යටතේ පිරිසිදු හා ආරක්ෂිත නල ජලය සැපයීමට තවදුරටත් නොහැකි බව අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

ගාස්තු ඉහළ නැංවීම යටතේ මාසයකට ජල ඒකක 20කට (ලීටර් 20,000) වඩා භාවිත කරන පාරිභෝගිකයින්ට පමණක් වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින්ගෙන් 70%ක් පමණ මෙම සීමාවෙන් පහළ සිටින බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පෙන්වා දෙනවා.

තම මැතිවරණ කොට්ඨාශය නුවරඑළිය ප්‍රදේශයට අයත් වන බැවින් එම ප්‍රදේශයේ සිටින අඩු අදායම් ලාභී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුලු පිරිස්වලට ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජලය ලබා දෙන්නේ ජල සම්පාදන මණ්ඩලයෙන් නොව නගර සභාවෙන් බවයි.

ජල ගාස්තු ව්‍යුහයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන නව මාර්ගෝපදේශයක් සහ සූත්‍රයක් මේ වසර අවසන් වන විට අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන බව ද ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සඳහන් කළා.

පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා නව ජල ආරක්ෂණ සැලැස්මක්, වැසි ජලය රැස් කිරීමේ යෝජනා ක්‍රමයක් සහ දේශගුණයට ඔරොත්තු දීමේ මාර්ග සැලැස්මක් ද අමාත්‍යාංශය විසින් සකස් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“ඔබගෙන් සමහරෙකු මුහුණ දෙන අභියෝග මට වැටහෙන අතර, අප ගන්නා සෑම පියවරක්ම අපේ රටේ අනාගතය සඳහා තිරසාර ජල සැපයුමක් සහතික කිරීම අරමුණු කරගත් බව මම ඔබට සහතික වෙමි. මෙම වැඩිවීමත් සමඟම අපි ජල අංශයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. නව කළමනාකරණ පිළිවෙත් හඳුන්වාදීම, ආයතනය සඳහා මැනිය හැකි කේ.පී.අයි සැකසීම සහ පාරිභෝගිකයින්ට මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දීම සඳහා පිරිවැය ප්‍රශස්ත කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීම මෙයට ඇතුළත් වේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26