ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සහ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි ඔහු මෙම පැහැදිලි කිරීම නිකුත් කර ඇත්තේ.

ගාස්තු වැඩි කිරීමට පියවර ගත් හේතුව පිළිබඳව එහි සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු මාසයකට ඒකක 13.5ක් (ලීටර් 13,500) ක් පරිභෝජනය කළහොත් එමගින් සංශෝධිත ගාස්තු යටතේ දළ වශයෙන් මාසික බිල රුපියල් 1300ක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ කුලී නිවැසියන් සඳහා ගාස්තු වැඩි කිරීමක් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු, අමුද්‍රව්‍ය, මුදල් අවප්‍රමාණය සහ ඉහළ පොලී අනුපාත ඇතුළුව ඉහළ යන පිරිවැය හේතුවෙන් ජල ඒකකයක් (ලීටර් 1000) සැපයීමේ පිරිවැය රුපියල් 130ක් වන බැවින් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින්ට පෙර ගාස්තු යටතේ පිරිසිදු හා ආරක්ෂිත නල ජලය සැපයීමට තවදුරටත් නොහැකි බව අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

ගාස්තු ඉහළ නැංවීම යටතේ මාසයකට ජල ඒකක 20කට (ලීටර් 20,000) වඩා භාවිත කරන පාරිභෝගිකයින්ට පමණක් වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින්ගෙන් 70%ක් පමණ මෙම සීමාවෙන් පහළ සිටින බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පෙන්වා දෙනවා.

තම මැතිවරණ කොට්ඨාශය නුවරඑළිය ප්‍රදේශයට අයත් වන බැවින් එම ප්‍රදේශයේ සිටින අඩු අදායම් ලාභී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුලු පිරිස්වලට ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජලය ලබා දෙන්නේ ජල සම්පාදන මණ්ඩලයෙන් නොව නගර සභාවෙන් බවයි.

ජල ගාස්තු ව්‍යුහයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන නව මාර්ගෝපදේශයක් සහ සූත්‍රයක් මේ වසර අවසන් වන විට අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන බව ද ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සඳහන් කළා.

පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා නව ජල ආරක්ෂණ සැලැස්මක්, වැසි ජලය රැස් කිරීමේ යෝජනා ක්‍රමයක් සහ දේශගුණයට ඔරොත්තු දීමේ මාර්ග සැලැස්මක් ද අමාත්‍යාංශය විසින් සකස් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“ඔබගෙන් සමහරෙකු මුහුණ දෙන අභියෝග මට වැටහෙන අතර, අප ගන්නා සෑම පියවරක්ම අපේ රටේ අනාගතය සඳහා තිරසාර ජල සැපයුමක් සහතික කිරීම අරමුණු කරගත් බව මම ඔබට සහතික වෙමි. මෙම වැඩිවීමත් සමඟම අපි ජල අංශයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. නව කළමනාකරණ පිළිවෙත් හඳුන්වාදීම, ආයතනය සඳහා මැනිය හැකි කේ.පී.අයි සැකසීම සහ පාරිභෝගිකයින්ට මුදල් සඳහා වැඩි වටිනාකමක් ලබා දීම සඳහා පිරිවැය ප්‍රශස්ත කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීම මෙයට ඇතුළත් වේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?