ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ – දැඳුරු ඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක්

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ, අනුව රාජාංගනය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද (25) පෙරවරුව වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 01 බැඟින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් තත්ත්පරයට ජලය ඝන අඩි 600ක් කලාඔයට මුදා හැරෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 06ක් අඩි 03 බැඟින් විවෘත කර තිබෙනවා.

එමෙන්ම දැඳුරු ඔය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (25) උදෑසන 8.00 වන විට වාන් දොරටු 06ක් විවෘත කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

මේ අතර, දැඳුරු ඔයේ වාන් දොරටු ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 16,000 ඉක්මවා ඉදිරියට විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් පුත්තලම සහ හලාවත දිස්ත්‍රික්කවල දැඳුරු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙනවා.

ඒ අනුව අද (25) සවස් කාලයේ දී දැඳුරු ඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?