ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ – දැඳුරු ඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක්

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ, අනුව රාජාංගනය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද (25) පෙරවරුව වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 01 බැඟින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් තත්ත්පරයට ජලය ඝන අඩි 600ක් කලාඔයට මුදා හැරෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 06ක් අඩි 03 බැඟින් විවෘත කර තිබෙනවා.

එමෙන්ම දැඳුරු ඔය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද (25) උදෑසන 8.00 වන විට වාන් දොරටු 06ක් විවෘත කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

මේ අතර, දැඳුරු ඔයේ වාන් දොරටු ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 16,000 ඉක්මවා ඉදිරියට විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් පුත්තලම සහ හලාවත දිස්ත්‍රික්කවල දැඳුරු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙනවා.

ඒ අනුව අද (25) සවස් කාලයේ දී දැඳුරු ඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41