ජලාශයේ පාවුණු පුද්ගල මළසිරුර

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගලයෙකුගෙ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම මළසිරුර තලවකැලේ පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

තලවාකැලේ තානායමට යාබද ව කොටසින් ගලා බසිනා ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබුණා.

ඒ අනුවයි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.

කෙසේවෙතත් මළසිරුර ජලයේ ගසාගෙන යාම වැළැක්වීමට ලණුවක් එහි ගැටගසා තිබෙන ආකාරය ද නිරීක්ෂණය වුණා.

මෙතෙක් අනන්‍යතාව තහවුරු වී නොමැති බවත් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් සැලකෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?