AFC Banner
Empty Ad
Empty Ad

ජලය සිඳී ගිය වැවකින් බෝම්බයක් මතුවෙයි

තලාව කුමාරඑළිය ගම්මානයේ පිහිටි වැවෙහි ජලය සිඳී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා හමුවී තිබෙනවා.

තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි වැවෙහි තිබූ මෙම ජීව අත්බෝම්බය ජලය සිඳී ගිය වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක විශ්‍රාමික යුද හමුදා සෙබලකු වන තම පියාට දැනුම්දී තිබුණා.

අනතුරුව පොලිසියට කළ දැනුම් දීමකින් පසු පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.

යම් අපරාධයක් සඳහා ගෙනැවිත් තිබූ මෙම ජීව අත්බෝම්බය ජලය තිබූ කාලයේ කිසියම් පුද්ගලයකු විසින් වැවට විසි කර තිබී ජලය සිඳී ගිය පසු මතු වූවේ ද, නැතහොත් ජලය සිඳී ගිය පසු එය ගෙනැවිත් දැම්මේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැහැ.

එමෙන්ම මෙම අත් බෝම්බය තරමක් පැරණි එකක් බවටයි සැක කෙරෙන්නේ.

මේ පිළිබඳ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
10
+1
13
+1
4
+1
12
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?