ජලය සිඳී ගිය වැවකින් බෝම්බයක් මතුවෙයි

තලාව කුමාරඑළිය ගම්මානයේ පිහිටි වැවෙහි ජලය සිඳී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා හමුවී තිබෙනවා.

තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි වැවෙහි තිබූ මෙම ජීව අත්බෝම්බය ජලය සිඳී ගිය වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක විශ්‍රාමික යුද හමුදා සෙබලකු වන තම පියාට දැනුම්දී තිබුණා.

අනතුරුව පොලිසියට කළ දැනුම් දීමකින් පසු පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.

යම් අපරාධයක් සඳහා ගෙනැවිත් තිබූ මෙම ජීව අත්බෝම්බය ජලය තිබූ කාලයේ කිසියම් පුද්ගලයකු විසින් වැවට විසි කර තිබී ජලය සිඳී ගිය පසු මතු වූවේ ද, නැතහොත් ජලය සිඳී ගිය පසු එය ගෙනැවිත් දැම්මේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැහැ.

එමෙන්ම මෙම අත් බෝම්බය තරමක් පැරණි එකක් බවටයි සැක කෙරෙන්නේ.

මේ පිළිබඳ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අත් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15