ජලය සහ විදුලි පරිභෝජනයේ දී ප්‍රවේශමෙන් – ඉරාන වැසියන්ට දැනුම්දීමක්

ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජල හා විදුලි සැපයුම් පහසුකම්වලට හානි සිදුව ඇති බව ඉරාන බලශක්ති අමාත්‍ය අබ්බාස් අලිබාඩි පවසනවා.

කෙසේ වෙතත් අඛණ්ඩ සේවා සැපයීම සහතික කිරීම සඳහා අලුත්වැඩියා කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍යවරයා ඉරාන ජනතාවට දැනුම් දෙන්නේ ජලය සහ විදුලි පරිභෝජනය පිළිබඳව ප්‍රවේශම් විය යුතු බවයි.

මේ අතර ටෙහෙරානය පුරා ඇති ඉරාන රාජ්‍ය යටිතල පහසුකම්වලට පුළුල් ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !