ජයන්තිපුර අනතුරකින් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට

පොළොන්නරුව, ජයන්තිපුර, 23 කණුව ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කළ වෑන් රථය, මාර්ගය අසල නවතා තිබූ සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ශරීර කෘත්‍යයක් සිදුකිරීම සඳහා ලොරි රථය මාර්ගය අයිනේ නවතා තමන් ඉන් බැස සිටිය දී පිටුපසින් පැමිණි වෑන් රථයක් ලොරි රථයේ ගැටුණු බවයි ලොරි රථයේ රියදුරු පවසන්නේ.

මිය ගිය ඉන්දීය ජාතිකයා ඇතුළු තුවාල ලැබූ පිරිස පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15