AFC Banner
Empty Ad
Empty Ad

ජයන්තිපුර අනතුරකින් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට

පොළොන්නරුව, ජයන්තිපුර, 23 කණුව ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කළ වෑන් රථය, මාර්ගය අසල නවතා තිබූ සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ශරීර කෘත්‍යයක් සිදුකිරීම සඳහා ලොරි රථය මාර්ගය අයිනේ නවතා තමන් ඉන් බැස සිටිය දී පිටුපසින් පැමිණි වෑන් රථයක් ලොරි රථයේ ගැටුණු බවයි ලොරි රථයේ රියදුරු පවසන්නේ.

මිය ගිය ඉන්දීය ජාතිකයා ඇතුළු තුවාල ලැබූ පිරිස පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි කාර්මික ශිල්පීන් වන අතර, ඔවුන් සිය නවාතැන්පොළට යන අතරවාරයේ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?