ජයටම මගුල් කා සුපිරියට කොවිඩ් පැතිරු මංගල උත්සවය

ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් අතරින් 100 කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන් ගෙන් 30 දෙනකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ආසාදිතයින් බවට පත්ව ඇති සෙසු පිරිස් සිය නිවෙස් ද වසා දමා තොරතුරු ලබාදීම වසන් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී ඇතැයි හදුනාගෙන ඇත.

විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කරමින් මෙම විවාහ මංගල උත්සවය සඳහා ආරාධිතයින් 300-350කට ආසන්න පිරිසක් සහභාගිවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන බවයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?